Header

Sri Lanka Army

Defender of the Nation

15th February 2022 19:23:15 Hours

51 වන සේනාංකයේ සේනාංකාධිපති අභ්‍යාසලාභී ගුරුවරුන් අමතයි

යාපනය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදී අභ්‍යාසලාභී ගුරුභවතුන් වෙනුවෙන් පැවැත්වෙන ‘නායකත්ව’ වැඩමුළුවේ ආරම්භක දේශනය ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ විසින් පවත්වන ලදී.

මෙම ගුරු විද්‍යාලයේ අංක 18, 19 සහ 20 යන ගුරු අභ්‍යාසලාභි කණ්ඩායම් වෙනුවෙන් පැවැත්වෙන මෙම වැඩමුළුව සඳහා සිංහල, දමිළ සහ මුස්ලිම් අභ්‍යාසලාභී ගුරුවරුන් 750 ක් පමණ සහභාගී වූහ.

නායකත්වය, හමුදා නායකත්වය, නායකත්ව මාර්ගෝපදේශ, චිත්තවේගී බුද්ධිය සඳහා නායකත්වය සහ නායකත්ව නිපුණතා හා සබැඳි ලක්‍ෂණ මනාව ඉස්මතු කරමින් මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ විසින් මෙම දේශනය පැවැත්වූ අතර මඟපෙන්වීම සහ එම ගුණාංගයන් අනුගමනය කිරීම තුළින් සමාජය තුල නායකයින් ලෙස කටයුතු කිරීමේ හැකියාව පිළිබඳ පැහැදිලි කළේය.

යාපනය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ප්‍රධානි සුබ්‍රමනියම් පරමානන්දන් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය විසින් මෙම වැඩමුළුවේ සමාරම්භක දේශනය සිදුකිරීම සඳහා මෙම අවස්ථාවට එක්වු 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ උණුසුම් අයුරින් පිළිගත්තේය.

මෙම අවස්ථාවට යාපනය ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කේ. නන්දකුමාරන් මහතා, යාපනය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ උපදේශක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජික ආචාර්ය ලයන් වී. ත්‍යාගරාජා මහතා, කෝපායි ගුරු අභ්‍යාස විද්‍යාලයේ විදුහල්පති වී. කරුණාලිංගම් මහතා සහ 511 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජූඩ් ප්‍රනාන්දු සහභාගී වූහ.