Header

Sri Lanka Army

Defender of the Nation

11th February 2022 19:45:26 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ තවත් ආධුනික සෙබළුන් 309 දෙනෙකු විසිරයති

ගිරිතලේ පිහිටි යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ පැවති විනයාරක්‍ෂක පාඨමාලාව අංක - 80 හි විසිරයෑමේ උත්සවය පසුගිය සිකුරාදා (28) දින පැවැත්විණි. එහිදී, ආධුනික පුහුණු පාඨමාලාව සාර්ථකව හැදෑරූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සෙබළ, සෙබළියන් 309 දෙනෙකු විසිර ගිය අතර ඉන් 74 දෙනෙකු කාන්තා සෙබලියන් වේ.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් සීවලී රාජනායක ගේ ආරාධනාවකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අනිල් ඉලංගකෝන් සහභාගී වූවේය.

පහත නම් සඳහන් පාඨමාලා භාර සෙසුනිලයන් මෙම උත්සවයේදී ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් සම්මාන හිමිකරගත්හ:

මෙම පාඨමාලාවේ හොඳම කණ්ඩයට හිමි සම්මානය මාණ්ඩලික සැරයන් බී.ජී.එම්.පී. විජේසුරිය විසින් දිනාගත් අතර හොඳම කණ්ඩභාර සැරයන්ට හිමි සම්මානය සැරයන් ආර්.එම්.එන්.එම්. රත්නායක විසින් දිනාගන්නා ලදී. එමෙන්ම, හොඳම පෙළ අණදෙන්නාට හිමි සම්මානය කෝප්‍රල් ඒ.සී.එන්.එන්. ලියනගේ විසින් දිනාගත්තේය.

මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කළ පහත නම් සඳහන් යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සෙසුනිලයන් සිය දක්‍ෂතාවයන් වෙනුවෙන් සම්මාන හිමිකරගත්හ.

හොඳම ආධුනික සෙබලා - සාමාන්‍ය සෙබල කේ.වී.සී. ජයරත්න

හොඳම වෙඩික්කරු - සාමාන්‍ය සෙබල ඩී.එම්.ඒ.ඩී. ගුණතිලක

හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සෙබලා - සාමාන්‍ය සෙබල එච්.එම්.සී.වී. හේරත්

හොඳම ආධුනික සෙබල (කාන්තා) - සාමාන්‍ය සෙබල එස්.එම්.අයි.පී. රාජසිංහ

හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සෙබලිය - සාමාන්‍ය සෙබල ඩී.එම්.පී.පී. සෙනානි

හොඳම වෙඩික්කරු (කාන්තා) - සාමාන්‍ය සෙබල කේ.කේ.ඒ.සී. සෙව්වන්දි

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති බ්‍රිගේඩියර් ලක්‍ෂ්මන් බමුණුසිංහ ද සහභාගී විය.