Header

Sri Lanka Army

Defender of the Nation

08th February 2022 18:00:32 Hours

යාපනයේ ඩෙංගු මර්දනයට යුද්ධ හමුදාවේ සහය

සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ පාලනය වන 14 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2022 ජනවාරි මස 30 සිට 2022 පෙබරවාරි මස 03 දක්වා යාපනය නගරය ආවරණය වන පරිදි ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ සහ ඩෙංගු මර්ධනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් යාපනය අර්ධද්වීපයේ සෞඛ්‍ය නිලධාරින්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

මෙම වැඩසටහන 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහගේ උපදෙස් පරිදි 512 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් තනුජ ගොඩවත්ත ගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරන ලදී.