Header

Sri Lanka Army

Defender of the Nation

08th February 2022 19:41:32 Hours

ජාතික එන්නත්කරණ වැඩසටහනට යුද්ධ හමුදාවේ අඛණ්ඩ දායකත්වය

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය භටපිරිස් තෙවන මාත්‍රාව එන්නත් කිරීමේ වැඩසටහනට දායකත්වය දක්වමින් දිවයින පුරා ජංගම එන්නත්කරණ ව්‍යාපෘතිවල නිරතව සිටිති.

ඒ අනුව, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 53 වන සේනාංකය, ආරක්‍ෂක සේනා මූලස්ථානය- මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකය සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ සේවයේ නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ භටපිරිස් සහ දිවයින පුරා පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථාන යටතේ ඇති සියලුම සේනාංක යටතේ මේවන විට රජයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.