Header

Sri Lanka Army

Defender of the Nation

04th February 2022 13:03:25 Hours

55 වන සේනාංකයේ භටපිරිස් යාපනය ශික්‍ෂණ රෝහල වෙත රුධිරය පරිත්‍යාග කරති

යාපනය ශික්‍ෂණ රෝහලේ ඉල්ලීමකට අනුව යාපනය ලේ බැංකුවේ හිඟවෙමින් පවතින ලේ සංචිත නැවත ප්‍රතිපූර්ණය කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 552 වන බලසේනාවේ භටපිරිස් 120 දෙනෙක් යාපනය, අයියකච්චි පිහිටි එම බලසේනා මූලස්ථානයේදී පසුගිය බදාදා (02) දින ක්‍රියාත්මක කළ ලේ දන්දීමේ වැඩසටහනේදී සිය රුධිරය පරිත්‍යාග කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන 55 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 552 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රුවන් මුනිපුර ගේ අධීක්‍ෂණය මත 552 වන බලසේනාවේ භටපිරිස් යාපනය ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමග සම්බන්ධීකරණයෙන් යුතුව ක්‍රියාත්මක කරන ලදී.

භටපිරිස් විසින් කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම වැඩසටහන සඳහා දායකත්වය දැක්වූ වෛද්‍යවරුන් සහ හෙදියන් වෙත ආහාරපාන ඇතුලු අනෙකුත් පහසුකම් ලබාදෙනු ලැබීය.