Header

Sri Lanka Army

Defender of the Nation

02nd February 2022 20:00:04 Hours

කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ තවත් සම්බන්ධීකරණ සාකච්ඡාවක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකය වෙතින් හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විතය, කාබනික පොහොර නිෂ්පාදනය සහ බෙදාහැරීම පිළිබඳ දිස්ත්‍රික් මට්ටමේ රාජ්‍ය නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩමුළුක් පසුගිය සිකුරාදා (28) දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

වවුනියාව දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි සහ 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන් ලියනගේ ගේ සම්බන්ධීකරණයෙන් යුතුව ගොවිජන සංවර්ධන නිලධාරින් සහ එම සේනාංකයේ භටපිරිස් විසින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩමුළුව සඳහා කලාපයේ ගොවිජන හා කෘෂිකර්ම නිලධාරීන් 62 ක් සහභාගී වී කාබනික පොහොර නිෂ්පාදනයට ප්‍රවේශවීමේ හැකියාව පිළිබඳ අධ්‍යනය කරන ලදී.

මෙම වැඩමුළුව සඳහා වවුනියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ සරත්චන්ද්‍ර මහතා, වවුනියාව මහවැලි කලාපයේ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, නේවාසික ව්‍යාපෘති කළමණාකරු, වවුනියාව ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයේ සහකාර කොමසාරිස්, සහකාර පළාත් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්‍ෂ, කෘෂිකර්ම උපදේශක, සංවර්ධන නිලධාරින්, ගොවිජන සංවර්ධන නිලධාරින් සහ යුද්ධ හමුදා නිලධාරින් සහභාගි වූහ.