Header

Sri Lanka Army

Defender of the Nation

02nd February 2022 09:50:55 Hours

ජාතික බිලියඩ් ශූරතාවය - 2022 හි අනුශූරතාවය ඉංජිනේරු සේවා බලකායට

කොළඹ, මූවර්ස් ක්‍රීඩා සමාජ (Moors Sports Club) පරිශ්‍රයේ දී ජනවාරි මස 18 දින සිට 31 දින දක්වා පැවති 67 වන ජාතික බිලියඩ් ශූරතාවය - 2022 තරඟාවලියේ අනුශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්.එම්. මුකීන් (Lance Corporal M.M Mukeen) සමත්වූහ.

මෙම තරඟාවලිය සඳහා විවිධ ක්‍රීඩා සමාජ සහ සංවිධාන නියෝජනය කරමින් තරඟකරුවන් 87 දෙනෙකු සහභාගී වූහ.