Header

Sri Lanka Army

Defender of the Nation

02nd February 2022 19:57:36 Hours

8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සෙම්බුවත්ත ප්‍රදේශයේ ඇතිවූ ලැව් ගින්නක් නිවා දමයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 611 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය අඟහරුවාදා (01) දින පස්වරුවේ වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් යටියන්තොට, සෙම්බුවත්ත වන රක්‍ෂිතයේ ඇතිවූ ලැව්ගින්න නිවාදැමීමට කටයුතු කළහ.

මෙම ලැව්ගින්න පිළිබඳ දැනුවත් වූ විගස භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වීම තුලින් ලැව්ගින්න තවදුරටත් පැතිරීම පාලනය කර සම්පූර්ණයෙන් මැඩපැවැත්වීමට හැකියාව ලැබිණි. 611 වන බලසේනාවේ බලසේනාධිපති ගේ උපදෙස් හා 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ගේ අධීක්‍ෂණය යටතේ මෙම ක්‍රියාන්විතය සාර්ථකව සිදුකරන ලදී.