Header

Sri Lanka Army

Defender of the Nation

02nd February 2022 20:02:15 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් දිස්ත්‍රික්ක 8 ක එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරයි

සිවිල් වැසියන් වෙත තෙවන එන්නත් මාත්‍රාව ලබාදීමේ වැඩසටහනට සමගාමීව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් පසුගිය සඳුදා (31) දින දිවයිනේ දිස්ත්‍රික්ක 08 ක් ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ වැඩසටහන් ආරම්භ කරන ලදි.

ඒ අනුව, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ගේ උපදෙස් මත ශ්‍රී ලංකා වෛද්‍ය බලකායේ භටපිරිස් සමඟ එක්ව ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක සහ බලසේනාවන්හී භටපිරිස් විසින් කොළඹ, ගම්පහ, පුත්තලම, කුරුණෑගල, කෑගල්ල, රත්නපුර, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ජනාකීර්ණ ප්‍රදේශවලදී මෙම ජංගම එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නිරත සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරින් විසින් සිය බලප්‍රදේශයන්හී ජනාකීර්ණ ප්‍රදේශ තෝරාගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ සම්බන්ධීකරණය මත මෙම එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාවට නැංවිණි.

මෙම එන්නත්කරණ වැඩසටහනේ සාර්ථකත්වය වෙනුවෙන් පනාගොඩ යුද්ධ හමුදා මූලික රෝහලේ සේවයේ නිරත ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ භටපිරිස් ද සිය දායකත්වය දැක්වූ අතර මෙම වැඩසටහන නැවත දැනුම්දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.