Header

Sri Lanka Army

Defender of the Nation

03rd February 2022 18:00:25 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් සහ ඉන්දුනීසියානු ආරක්‍ෂක උපදේශක අතර සුහද හමුවක්

ශ්‍රී ලංකාවට අනුයුක්ත කර ඇති නවදිල්ලියේ පිහිටි ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමදෝරු දිඩික් කූර්නියාවන් (Commodore Didik Kurniawan) මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටින අතර එතුමන් පසුගිය බදාදා (02) දින පස්වරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

වර්ෂ 1952 සිට දෙරට අතර පවතින මිත්‍ර රාජ්‍ය තාන්ත්‍රික, ආගමික හා සංස්කෘතික සබඳතා පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡාවට බඳුන්විය.

මෙම සුහද හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් සහ කොමදෝරු ඩිඩික් කුර්නියාවන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව අදහස් හුවමාරු කරගත් අතර කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ යුද්ධ හමුදා භටපිරිස් විසින් සිදුකරනු ලබන බහුවිධ සංවර්ධන ක්‍රියාකාරකම් ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකගේ ඇගයීමට ලක්විය.

එමෙන්ම, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය අදහස් දක්වමින් ප්‍රකාශ කළේ වර්ෂ 2009 මැයි මාසයට පෙර පැවති මානුෂීය මෙහෙයුමේ උච්චතම අවස්ථාව වනවිට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට ඉන්දුනීසියාව ලබාදුන් අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව හිමිවන බවයි. සුහද හමුව සමාප්තියේ කොමදෝරු ඩිඩික් කුර්නියාවන් සහ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.