Header

Sri Lanka Army

Defender of the Nation

03rd February 2022 19:24:24 Hours

ශ්‍රී ලංකාවේ නයිජීරියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක සහ යුද්ධ හමුදාධිපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නයිජීරියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමදෝරු ඇන්තනි වික්ටර් කුජෝ (Commodore Anthony Victor Kujoh) පසුගිය බදාදා (02) දින පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති මෙම සුහද හමුව අතරතුර බලශක්තිය, සමුද්‍රීය සහ ආරක්‍ෂාව සබැඳිව පවතින ද්වීපාර්ශ්වික ගිවිසුම් සහ විවිධ මට්ටමේ තාක්‍ෂණික හා සංස්කෘතිකමය වශයෙන් වැදගත් වන ගිවිසුම් පිළිබඳ අදහස් හුවමාරු කරගනු ලැබීය.

එමෙන්ම, කොමදෝරු ඇන්තනි වික්ටර් කුජෝ සිය අදහස් දක්වමින් ශ්‍රී ලංකාව තුල කොවිඩ් - 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා සන්නද්ධ හමුදාවන්ගේ කැපවීම සහ ජාතික සංවර්ධන ක්‍රියාවලියේ සාර්ථකත්වය වෙනුවෙන් වෘත්තීය වශයෙන් සුදුසුකම් ලත් භටපිරිස් දක්වනු ලබන දායකත්වය ඇගයීමට ලක්කරන ලදී.

මෙම සුහද හමුවේ සමාප්තිය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.