Header

Sri Lanka Army

Defender of the Nation

04th February 2022 00:07:55 Hours

ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජයේ හමුදා උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජයේ තානාපති කාර්යාලයේ හමුදා උපදේශක කර්නල් කාන් ගොක්කායා (Colonel Can Gokkaya) පසුගිය බදාදා (02) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

මෙම සුහද හමුවේදී, අන්‍යෝන්‍ය වශයෙන් ද්වීපාර්ශ්විකව වැදගත් වන දෙරටෙහි ආරක්‍ෂක අවශ්‍යතා, වෙළඳ හා වාණිජ කටයුතු සහ තවත් කරුණු කිහිපයක් පිළිබඳව අදහස් හුවමාරු කරගත්හ.

එමෙන්ම, රට තුළ කොවිඩ් - 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් දක්වන දායකත්වය සහ ජාතිය ගොඩනැගීමේ කර්තව්‍යයන් වෙනුවෙන් හමුදාවන් විසින් ලබාදෙනු ලබන දායකත්වය සහ සහයෝගය ද කර්නල් කාන් ගොක්කායා ගේ ඇගයීමට ලක් වූවේය.

මෙම සුහද හමුවේ සමාප්තිය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.