Header

Sri Lanka Army

Defender of the Nation

02nd February 2022 08:36:31 Hours

සේවා වනිතා ඒකකයේ සභාපතිනිය මැනිං ටවුන් සේවා වනිතා ඒකකය වෙතින් කළමණාකරනය කරනු ලබන ව්‍යාපෘතීන් පිළිබඳ නීරීක්‍ෂණයක

සේවා වනිතා ඒකකය වෙතින් කළමණාකරනය කරනු ලබන නාරාහෙන්පිට, මැනිං ටවුන් ප්‍රදේශයේ ස්ථාපිත යුද්ධ හමුදා විවාහක නිල නිවාස සංකීර්ණයේ ඇති ආපනශාලාව පුළුල් කිරීමට අදාළව සිදුකෙරෙමින් පවතින ඉදිකිරීම් කටයුතු, ප්‍රතිසංස්කරණ කටයුතු සහ අනෙකුත් අවශ්‍යතා පිළිබඳ සොයාබැලීමේ අරමුණින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සුජීවා නෙල්සන් මැතිණිය ඉකුත් සඳුදා (31) දින එම පරිශ්‍රයේ සංචාරයක නිරත වූවාය.

එහිදී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ බ්‍රිගේඩියර් තුෂාර බාලසුරිය විසින් එම ප්‍රතිසංස්කරණ කටයුතුවල වත්මන් ප්‍රගතිය සහ ඉදිරියේදී සිදුකිරීමට නියමිත ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සුජීවා නෙල්සන් මැතිණිය දැනුවත් කළේය. ඉන් අනතුරුව, එම ගොඩනැගිලි පරිශ්‍රයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වූ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ව්‍යාපෘතියේ නියැළි සිටින ඉංජිනේරු සේවා බලකායේ නිලධාරින් සහ සෙසුනිලයන් සමඟ අදහස් හුවමාරු කරගනිමින් ආපනශාලාව ඉදිරිපිට ඇති උද්‍යානය වර්ණවත් අයුරින් සකස් කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස ඔවුන් වෙත උපදෙස් ලබාදුන්නාය.

නාරාහේන්පිට, මැනිං ටවුන් ප්‍රදේශයේ පිහිටි සුභසාධක බේකරිය, ආපනශාලාව සහ සුබසාධක වෙළඳසැල විවාහක නිල නිවාස සංකීර්ණයේ සේවයේ නියුතු භටපිරිස් වෙත අවශ්‍ය සුබසාධක පහසුකම් සපයයි. සංචාරයේ නිරත සුජීවා නෙල්සන් මැතිණිය ඉදිකරමින් පවතින කාන්තා රූපලාවන්‍යාගාරය සහ මැහුම්හල නිරීක්‍ෂණය කරමින් එම පරිශ්‍රයේ නව වෙළෙඳ සංකීරණයක් ඉදිකිරීමට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කළාය.