Header

Sri Lanka Army

Defender of the Nation

02nd February 2022 09:32:31 Hours

නිදහස් දින පෙළපාලියේ පෙරහුරුව සඳහා සහභාගී වන භටපිරිස් වෙත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් පාන වර්ග බෙදාදෙති

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සහ 74 වන ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලියේ පෙරහුරුවට සහභාගී වන භටපිරිස්වල සුභසාධන කටයුතු පිළිබඳව සොයාබලා ඔවුන්ට ශක්තියක් වීමේ අරමුණින් යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් එම පෙළපාලිය සඳහා සහභාගී වන ත්‍රිවිධ හමුදා භටපිරිස්, පාසල් සිසුන් සහ කලාකරුවන් ඇතුලු සහභාගිවන්නන් වෙත පාන වර්ග බෙදාදීමේ වැඩසටහනක් ජනවාරි මස 29 දින ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන නිදහස් දින පෙළපාලියේ සමාප්තිය දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

Sunquick Lanka Private Limited සහ Pure Dale Company Ltd යන සමාගම් සමඟ සහයෝගයෙන් යුතුව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් මැතිණියගේ යෝජනාවකට අනුව ආරම්භ කරනු ලැබූ මෙම වැඩසටහන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සම්බන්ධීකරණය මත ක්‍රියාත්මක කෙරේ.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් මැතිණිය මෙම වැඩසටහන සඳහා පසුගිය සඳුදා (31) දින සහභාගී වී නිදහස් දින පෙළපාලියේ පෙරහුරුව සඳහා සහභාගී වන භටපිරිස් වෙත සංකේතාත්මකව මෙම පාන වර්ග බෙදාදෙන ලදී.

මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරි බ්‍රිගේඩියර් තුෂාර බාලසූරිය ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්වූහ.