Header

Sri Lanka Army

Defender of the Nation

31st January 2022 20:58:25 Hours

වොලිබෝල් තරඟාවලියේ ශූරතාවය 7 වන ශ්‍රී ලංකා සංඥා බලකා කණ්ඩායමට

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත ඒකකයන් නියෝජනය කරමින් වොලිබෝල් කණ්ඩායම් 8 ක සහභාගිත්වයෙන් පසුගියදා දියතලාව මුතුකුමරු ක්‍රීඩාංගණයේදී වොලිබෝල් තරඟාවලියක් පැවැත්විණි.

මෙම තරඟාවලියේ අවසන් තරඟය පසුගිය බදාදා (26) දින 7 වන ශ්‍රී ලංකා සංඥා බලකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කණ්ඩායමේ සහභාගීත්වයෙන් පැවති අතර එහිදී, ගෝල 2 ට 0 ක් ලෙස 7 වන ශ්‍රී ලංකා සංඥා බළකාය ශූරතාවය දිනාගැනීමට සමත්වූහ.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා සහභාගී වූ අතර එතුමන්ගේ සුරතින් ජයග්‍රාහකයින්, අනුශූරයන් සහ සහභාගී වූවන් වෙත සහතිකපත් සහ කුසලාන ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු එක්වූහ.