Header

Sri Lanka Army

Defender of the Nation

28th January 2022 08:30:52 Hours

නව පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති එක්වෙයි

පොළොන්නරුව අභයපුර මහා විද්‍යාල පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් ගොඩනැගිල්ල ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින විවෘත කළ අතර එම අවස්ථාවට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙනුවෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි සහභාගි විය.

අත්තනගල්ල ශ්‍රී අරහත් පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන්ගේ අනුග්‍රාහකත්වයෙන් සෝමාවතිය රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල අනුනායක හිමියන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව අවසන් කෙරිණි.

මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරිම් කටයුතු සඳහා අනුග්‍රාහකත්වය ලබාදුන් පූජ්‍ය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් සහ මෙම අවස්ථාවට සහභාගි වු ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි ගේ සුරතින් සමරුඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපා නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරන ලදී.

මෙම අවස්ථාවට 23 වන සේනාංකයේ සේනාංකාධිපති, 233 වන බලසේනාවේ බලසේනාධිපති, ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, විදුහල්පතිතුමන්, ගුරුභවතුන්, සිසු දරුදැරියන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගි වු හ.