Header

Sri Lanka Army

Defender of the Nation

28th January 2022 07:30:52 Hours

දේවස්ථාන පරිශ්‍රයක් පිරිසිදු කිරීමට 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් එක්වෙයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් ප්‍රදේශයේ ජනතාව අතර පවත්නා සුහදත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ජනවාරි මස 14 වන දින කල්විලන් සේවියර් දේවස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරන ලදී.

මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි ලබාදුන් උපදෙස් මත 651 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි විසින් ක්‍රියාවට නැංවිය.

සමගිය සහ සුහදත්වය වර්ධනය කරමින් දියත් කල මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය දේවස්ථානයේ පූජකවරුන්ගේ ප්‍රසංශාවට ලක්විය.