Header

Sri Lanka Army

Defender of the Nation

26th January 2022 10:49:20 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ මුලිකත්වයෙන් පානීය ජල බෝතල් නිෂ්පාදන ක්‍රියාවලියක් අරඹයි

ඉංගිරිය ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුර සමීපයේ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා පාබල හමුදාවේ ‘Gallant’ පානීය ජල බෝතල් නිෂ්පාදනාගාරය ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ ප්‍රධානත්වයෙන් ජනවාරි මස 12 වන දින පැවති චාම් උත්සවයකදී විවෘත කරන ලදී.

සමාරම්භක උත්සවයෙන් පසු එහි කළමනාකාරිත්වය සහ වගකීම් ශිරෝමාලා කොඩිතුවක්කු මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ඒකකය වෙත භාරදෙන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විශ්‍රාමික නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.