Header

Sri Lanka Army

Defender of the Nation

12th January 2022 19:04:53 Hours

නිකපිටිය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමට මුල්ගල් තබයි

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බකමූණ, නිකපිටිය ප්‍රදේශයේ ජීවත්වන අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ඉදිකිරීමට යෝජිත නව නිවසක් සඳහා පසුගිය සඳුදා (10) දින මුල්ගල් තැබීය. එම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරි කර්නල් උෂාන් ගුණවර්ධන, 7 වන කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් සී. හරිස්චන්ද්‍ර ඇතුළු තවත් නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.

මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ පදිංචි නිහාල් උඩුගම සූරියගේ මහතා විසින් මූල්‍යමය අනුග්‍රාහකත්වය දක්වනු ලබයි. ඒ අනුව, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි ගේ උපදෙස් හා 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත සහ 233 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ ගේ සම්බන්ධිකරණය මත මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි.

පී.ඩී. වසන්ත මහතා වෙනුවෙන් ඉදිකරනු ලබන නව නිවස සඳහා අවැසි තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් සපයනු ලබති.