Header

Sri Lanka Army

Defender of the Nation

10th January 2022 14:10:53 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ඒකකයේ මුලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ 72 වන සංවත්සරයට සමගාමීව එම රෙජිමේන්තු සේවා වනිතා ඒකකය විසින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහ සිවිල් කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ පවුල්වල පාසල් දරු දැරියන් 2739 දෙනෙකු වෙත රුපියල් මිලියන 2.2 ක පමණ වටිනාකමින් යුත් පාසල් උපකරණ තොගයක් දෙසැම්බර් මස 9 වන දින එම රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී බෙදාදෙන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නන්දනී සමරකෝන් මහත්මිය ඇතුළු සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.