Header

Sri Lanka Army

Defender of the Nation

08th January 2022 15:00:22 Hours

මඩකලපුවේදී පොහොර නිෂ්පාදනය පිළිබඳ සාකච්ඡාවක්

ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බලසේනාවේ සම්බන්ධිකරණයෙන් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ඇති සූදානම පිළිබද සාකච්ඡාවක් කෘෂිකර්ම හා ගොවිජන නිලධාරීන් සමඟ ඉකුත් බදාදා (5) දින මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

මෙම සාකච්ඡාව සඳහා මඩකලපුව දිස්ත්‍රික් ලේකම්, අතිරේක දිස්ත්‍රික් ලේකම්, 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර, අණදෙන නිලධාරින්, 231 වන බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන් සහ ගොවිජන හා කෘෂිකර්ම නිලධාරීන් රැසක් සහභාගී වූහ. එහිදි මඩකලපුව දිස්ත්‍රික්කයේ එළැඹෙන යල කන්නය සඳහා කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේදී ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කරන ලදී.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව එම අවස්ථාවට සහභාගි වූ පිරිස සන්දිවේලි ප්‍රදේශයේ කාබනික පොහොර නිෂ්පාදනය කරනු ලබන ස්ථාන කිහිපයක නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත වූහ.