Header

Sri Lanka Army

Defender of the Nation

08th January 2022 12:15:35 Hours

66 වන සේනාංකයේ ‘හරිතාගාර’ වගා ව්‍යාපෘතියක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 66 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රය තුළ ක්‍රියාත්මක ‘හරිතාගාර’ වගා ව්‍යාපෘතිය යටතේ පොල් පැළ 300ක්, කොස් පැල 300ක්, කුඹුක් පැළ 350ක් සහ මිරිස් පැල 200ක් සිටුවීම ඉකුත් සඳුදා (3) දින ආරම්භ කරන ලදී.

කාබනික සහ දියර පොහොර භාවිතා කර එම කඳවුරු පරිශ්‍රයේ සිදුකල වගාවේ පළමු අස්වැන්න නෙලීමේ සහ පැළ බෙදාදීමේ සමාරම්භක උත්සවයට 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලසන්ත රුද්‍රිගෝ ගේ ආරාධනයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ සහභාගී විය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ හරිත කෘෂිකර්ම මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි ‘හරිත කෘෂිකර්මාන්තය’ ප්‍රවර්ධනය කිරීම සඳහා 66 වන සේනාංකය විසින් මෙම හරිතාගාර වගා වැඩසටහන දියත් කරන ලදී.

මීට සමගාමීව, 66 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ මගපෙන්වීම යටතේ එම සේනාංක භටපිරිස් විසින් වගාව සාර්ථක කරගැනීම සඳහා නව කාබනික දියර පොහොර සහ කෘමි නාශක හඳුන්වා දෙන ලදී. මෙම හරිතාගාර සංකල්පය තුළින් ප්‍රදේශයේ ගොවීන්ටද ප්‍රතිලාභ හිමිවනු ඇත.

මෙම අවස්ථාව සඳහා පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් සහ 66 වන සේනාංක මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහභාගී වූහ.