Header

Sri Lanka Army

Defender of the Nation

29th December 2021 12:18:06 Hours

ශීවනගර් ප්‍රදේශයේ ළමා නිවාසවල දරු දැරියන්ට පාසල් උපකරණ පරිත්‍යාගයක්

නත්තල් දිනයට සමගාමීව 66 වන සේනාංක මුලස්ථානය යටතේ ස්ථාපිත 662 වන බලසේනාවේ භටපිරිස් විසින් ශිවනගර් ප්‍රදේශයේ පිහිටි ‘Arobanan’ සහ ‘Holy Family’ ළමා නිවාසවල නේවාසික දරු දැරියන්ට දිවා ආහාරවේලක් සහ පාසල් උපකරණ පරිත්‍යාගයක් සිදුකරන ලදී.

66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ලබාදුන් උපදෙස් මත ක්‍රියාවට නැංවු මෙම වැඩසටහන සඳහා පරිත්‍යාගශීලි ඒ. කමලාවතී මහත්මිය සහ ටී.ජී. දිලානී මල්කාන්ති මහත්මියගේ අනුග්‍රාහකත්වය හිමිවූහ.

662 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් සංවිධානය කරන ලද පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ මෙම වැඩසටහන 662 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එල්.එස්. දයාවංශ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම ළමා නිවාස දෙකෙහි නේවාසික දරු දැරියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් යුතුව 66 වන සේනාංකය යටතේ ස්ථාපිත 662 වන බලසේනා මුලස්ථානය විසින් සිවිල් ප්‍රජාව අතර සහයෝගීතාවය සහ සුහදතාවය ප්‍රවර්ධනය කිරීමේ මෙම ප්‍රජා ව්‍යාපෘතිය දියත් කරන ලදී.

20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ කැලිප්සෝ සංගීත කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද නත්තල් කැරොල් ගී ගායනා මෙම වැඩසටහන තවත් වර්ණවත් කළහ. පවතින සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති මෙම වැඩසටහන සඳහා 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් අයි.කේ.ඒ.සී. කුමාර ඇතුළු නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.