Header

Sri Lanka Army

Defender of the Nation

29th December 2021 12:11:31 Hours

231 වන බලසේනාවේ මුලිකත්වයෙන් වියළි සලාක පාර්සල් පරිත්‍යාගයක්

හේමාස් හෝල්ඩින් පුද්ගලික සමාගමේ තිරසාරත්ව හා ආයතනික සන්නිවේදන ප්‍රධානී ශිරෝමි මාසකෝරාල මහත්මියගේ අනුග්‍රහය ඇතිව 231 වන බලසේනාවේ මුලිකත්වයෙන් වියළි සලාක පාර්සල් 50 ක් පසුගියදා පරිත්‍යාග කෙරිණි. මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන ඉකුත් ඉරිදා (26) දින කෙවිලියාමඩු සුනේත්‍රාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි, 231 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 11 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සිදුකල සිය ප්‍රථම නිල සංචාරය අතරතුරදී මෙම ප්‍රජා සත්කාර වැඩසටහනට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත ගේ අධීක්‍ෂණය යටතේ 231 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙලෙස බෙදාදුන් එක් වියළි සලාක පාර්සලයක වටිනාකම රුපියල් 4000.00 ක් පමණ වූ අතර එම වියළි සලාක පාර්සල් හාල්, පරිප්පු, කුළුබඩු, කිරිපිටි, ළූණු, හාල්මැස්සන් ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලින් සමන්විත විය.

මෙම අවස්ථාව සඳහා 23 වන සේනාංකයේ සේනාංකාධිපති, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, 231 වන බලසේනාවේ බලසේනාධිපති සහ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 11 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ඇතුළු එම ඒකකයේ භටපිරිස් සහ ප්‍රදේශවාසීන් ද සහභාගී වූහ.