Header

Sri Lanka Army

Defender of the Nation

28th December 2021 08:30:07 Hours

නව ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සිය බලප්‍රදේශයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ නව ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව පසුගිය බ්‍රහස්පතින්දා (23) දින වේයන්ගොඩ පිහිටි 141 වන බලසේනාවේ සහ 14 වන සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන්හී සංචාරයක නිරත විය.

එහිදී, 141 වන බලසේනාව වෙත සපැමිණි මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥාණරත්න සහ 141 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රදීප් ගමගේ විසින් පිළිගැනීමෙන් අනතුරුව 141 වන බලසේනාවේ කාර්යභාරය සහ එම බලසේනාව සතු වගකීම් පිළිබඳ නව ආඥාපතිතුමන් දැනුවත් කළහ.

ඉන් අනතුරුව, 141 වන බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ සිය සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් එම බලසේනාවේ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබුවේය.

පසුව, එතුමන්ගේ සංචාරයේ දෙවන අදියර ලෙස 14 වන සේනාංකය යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහ 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සංචාරය කළේය. ඒ සඳහා, අණදෙන නිලධාරින් සහ 141 වන බලසේනාවේ මාණ්ඩලික නිලධාරින් එක්ව සිටියහ.