Header

Sri Lanka Army

Defender of the Nation

28th December 2021 07:45:07 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර දී පැවති තරුණ නිලධාරින් දැනුවත් කිරීමේ පාඨමාලාව සාර්ථකව අවසන්

‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් හා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ මාර්ගෝපදේශ මත සතියක් පුරාවට වැලිකන්ද ප්‍රදේශයේ ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර පරිශ්‍රයේදී හමුදා වෘත්තීමය නිපුණත්වය ප්‍රවර්ධනය කිරීමට තරුණ නිලධාරින් දැනුවත් කිරීම සඳහා පැවැත්වූ වැඩමුළුව පසුගිය අඟහරුවාදා (21) දින සාර්ථකව අවසන් විය.

මෙම වැඩමුළුවේදී, යුද්ධ හමුදා ක්‍රියා පටිපාටි, හමුදා මූලධර්ම, පුහුණු ක්‍රමවේද සහ නිලධාරීන්ගේ වගකීම් පිළිබඳව තරුණ නිලධාරින් දැනුවත් කළහ. මෙම වැඩමුළුවේදී පැවැත්වූ දේශන මඟින් යුද්ධ හමුදාවේ පරිපාලන හා මෙහෙයුම් අංශය, නිලධාරීන්ගේ වෘත්තීය ප්‍රගතිය සහ සමාජ මාධ්‍ය කළමනාකරණය ආදී කරුණු පිළිබඳ සාකච්ඡා කෙරිණි.

මෙම වැඩමුළුවේ ප්‍රායෝගික සැසිවාරයන් සඳහා යුද්ධ හමුදා තරුණ නිලධාරින් ඉතා උනන්දුවෙන් සහභාගී වූ අතර වැඩමුළුව අවසානයේ සමාප්ති උත්සවයක්ද පැවැත්විණි.