Header

Sri Lanka Army

Defender of the Nation

28th December 2021 08:45:07 Hours

වාකරේ මහා විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන සුභසාධන ව්‍යාපෘති තවදුරටත් පුළුල් කරමින් වාකරේ මහා විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් පසුගියදා දියත් කෙරිණි. ඒ සඳහා 233 වන බලසේනාවේ, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ, 7 වන පාබල හමුදාවේ සහ 6 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සිය ශ්‍රමදායකත්ව ලබාදුන්හ.

ඊට සමගාමීව එම පාසල් පරිශ්‍රයේදී දෙසැම්බර් මස 19 දින සුහද ක්‍රිකට් තරගාවලියක් සහ පාසල් සිසු දරු දැරියන්ට පොත් බෙදාදිමේ වැඩසටහනක් ද පැවැත්විණි.

එහිදි, අබාන්ස් ෆිනෑන්ස් සමාගම් කණ්ඩායම සහ වාකරේ මහා විද්‍යාලීය පාසල් ක්‍රිකට් කණ්ඩායම අතර සුහද ක්‍රිකට් තරඟාවලියක් ද පැවැත්විණි. ඉන් අනතුරුව සිවිල් හමුදා සහයෝගීතා ව්‍යාපෘතියේ තවත් අදියරක් ලෙස පාසල් සිසුන්ට පොත් බෙදාදීම සිදුවිය.

පරිත්‍යාගශීලින්ගේ සහයෝගය ඇතිව ප්‍රදේශයේ තෝරාගත් දරු දැරියන්ට පොත් බෙදාදීමේ වැඩසටහන 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ ලබාදුන් උපදෙස් මත ක්‍රියාවට නැංවිණි.

මෙම අවස්ථාවට 233 වන බලසේනාවේ, 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහ 6 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්, අබාන්ස් ෆිනෑන්ස් සමාගමේ ප්‍රාදේශීය කළමනාකරු, වාකරේ මහා විද්‍යාලයේ විදුහල්පති, ගුරුභවතුන් සහ සිසු සිසුවියන් මෙන්ම දෙමාපියන් සහභාගි වුහ.