Header

Sri Lanka Army

Defender of the Nation

27th December 2021 12:28:18 Hours

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නව කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් නිශාන්ත හේරත් රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 20 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් නිශාන්ත හේරත් ඉකුත් සිකුරාදා (24) දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානූකුල පැවැති උත්සවයකදී රාජකාරි භාරගත්තේය.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් නිශාන්ත හේරත්, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් මදුරප්පෙරුම විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියස දී භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.

ඉන් අනතුරුව, නව කර්නල් සේනාවිධායකතුමන් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රණවිරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර දැක්වූහ. ඉන්පසුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකරනු ලැබුහ.

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් නිශාන්ත හේරත් සිය කාර්යාලයේදි සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරනු ලැබීය. එම අවස්ථාවට ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

ඉන් අනතුරුව නව කර්නල් සේනාවිධායක ඉංජිනේරු බලකායේ නිලධාරීන් සහ සෙසුනිලයන් සුම් තාක්‍ෂණය (Zoom technology) ඔස්සේ ඇමතූවේය.

මීට අමතරව, මේජර් ජෙනරල් නිශාන්ත හේරත් සපුගස්කන්ද අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධයක ධූරයද හොඹවනු ලබයි. මෙම උත්සවය පවතින කොවිඩ්-19 සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පවත්වන ලදී.