Header

Sri Lanka Army

Defender of the Nation

27th December 2021 12:21:56 Hours

ඉංජිනේරු සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් මහින්ද ජයවර්ධන පසුගිය බදාදා (22) දින මත්තේගොඩ යුද්ධ හමුදා කඳවුරේ ස්ථාපිත ඉංජිනේරු සේනාංක මූලස්ථානයේදී රාජකාරි ආරම්භ කළේය.

සේනාංක මූලස්ථානයේ ප්‍රධාන දොරටුව වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් එම සේනාංකයේ නිලධාරින් සහ සෙසුනිලයන් විසින් උණුසුම් අයුරින් පිළිගත්හ. ඉන් අනතුරුව, මේජර් ජෙනරල් මහින්ද ජයවර්ධන සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදි. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි නව ධූරයේ රාජකාරී භාරගැනීමට ප්‍රථම 55 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කළේය.

මීට ප්‍රථම ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති ධූරය හෙබවු මේජර් ජෙනරල් චන්දන විජේසුන්දර යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරල් මහින්ද ජයවර්ධන නව ධුරය සඳහා පත්වීම් ලැබීය.