Header

Sri Lanka Army

Defender of the Nation

27th December 2021 11:47:28 Hours

යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් පාසල් සිසුන්ට පාසල් උපකරණ පරිත්‍යාගයක්

613 වන බලසේනා බලප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් කඹුරුපිටිය මලපාන ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් අතර පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (24) දින සංවිධානය කරන ලදී. මෙලෙස බෙදාදුන් එක් පාර්සලයක වටිනාකම රුපියල් 2000 ක පමණ වේ.

613 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු සහ එම බලසේනවේ භටපිරිස් එක්ව මෙම වැඩසටහන පවත්වන ලදී.

දෘවේෂා ජයතිලක මහත්මිය සහ තහේලි ජයසිංහ මෙනවිය විසින් ලබාදුන් මූල්‍යමය අනුග්‍රාහකත්වය මත ක්‍රියාවට නැංවු මෙම ව්‍යාපෘතියේ සම්බන්ධිකරණ කටයුතු 613 වන බලසේනාවේ සම්බන්ධීකරණ නිලධාරි විසින් සිදුකරන ලදී.