Header

Sri Lanka Army

Defender of the Nation

26th December 2021 09:36:32 Hours

පොල් වගා කිරීමේ දෙවන ව්‍යාපෘතිය කුට්ටිගලදී ඇරඹේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ඒ.පී.පී.කේ හේවාවසම් ගේ උපදෙස් මත කුට්ටිගල පිහිටි 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා අනුඛණ්ඩයේදී පොල් වගා කිරීමේ ව්‍යාපෘතියේ 2 වන අදියර පසුගිය සෙනසුරාදා (11) දින ආරම්භ කරන ලද අතර මෙම ව්‍යාපෘතිය අක්කර 200ක භූමි ප්‍රමාණයක එක් එක් අදියර වශයෙන් සිදුකිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා පොල් වගාකිරීමේ මණ්ඩලයේ අනුග්‍රහය ඇතිව දියත් කළ මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් සී.එස්. දේමුණි ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. මෙම ව්‍යාපෘතියේ සම්බන්ධිකරණ කටයුතු 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කුට්ටිගල අනුඛණ්ඩයේ නිලධාරි අණදෙන මේජර් කේ.ඩි. ගොරකපිටිය විසින් සිදුකරන ලදී.

මෙම අවස්ථාවට 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ නිලධාරින් සහ සෙසුනිලයින් එක්වූහ.