Header

Sri Lanka Army

Defender of the Nation

22nd December 2021 21:32:51 Hours

යුද්ධ හමුදා භටපිරිස් ගංජා වගාවක් වටලයි

12 වන සේනාංකය යටතේ ස්ථාපිත 121 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් වෙත ලද තොරතුරකට අනුව එම භටපිරිස් විසින් පසුගිය සඳුදා (20) දින කුඩාඔය ප්‍රදේශයේ පර්චස් 40 ක ඉඩමක සිදුකරගෙන යනු ලැබූ ගංජා වගාවක් වටලා ඒ පිළිබඳ පොලිසිය දැනුවත් කරන ලදී.

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක ගේ උපදෙස් හා 121 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උදය සේරසිංහ ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැටලීමේ මෙහෙයුම සිදුකළහ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කුඩාඔය පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබයි.