Header

Sri Lanka Army

Defender of the Nation

22nd December 2021 21:43:36 Hours

221 වන බලසේනාවේ මුලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාගයක්

22 වන සේනාංකයට අයත් 221 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 17 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් පසුගිය සිකුරාදා (17) දින ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජයනගර් ප්‍රදේශයේ පිහිටි සාගරපුර ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදී. මේ සඳහා මීරිගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිතුමන්ගේ අනුග්‍රාහකත්වය හිමිවිය.

22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සනත් අළුවිහාරේ ගේ උපදෙස් මත සංවිධානය කළ මෙම වැඩසටහන 221 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්.ඩබ්ලිව්.ඩී.එන්. මැදිවක ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන සඳහා 17 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි ඇතුළු නිලධාරින් සහ සෙසුනිලයන් සිය දායකත්වය දැක්වූහ.