Header

Sri Lanka Army

Defender of the Nation

21st December 2021 10:00:22 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ 72 සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ 72 සංවත්සරය ඉකුත් ඉරිදා (12) දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී අභිමානවත් අයුරින් සමරනු ලැබීය. එම අවස්ථාවට සපැමිණි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඉන්දු සමරකෝණ් වෙත එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමූහ.

සංවත්සරයට සමගාමීව සෙසුනිල භෝජනාගාරයේ පැවති සියලු නිල දිවාභෝජන සංග්‍රහයට ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.

එසේම, කර්නල් සේනාවිධායකගේ උපදෙස් මත සංවත්සරයට සමගාමිව රට වෙනුවෙන් දිවිපිදු ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් සිහිපත් කිරීමේ රණවිරු සැමරුම් උත්සවයක් ඔවුන්ගේ ලගම ඥාතීන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් සිකුරාදා (03) දින ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පුහුණු පාසල් පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.

මෙම සංවත්සර දින වැඩසටහන සඳහා ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.ඒ පතිරණ, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ආර්.ටී ලොකුතොටහේවා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.