Header

Sri Lanka Army

Defender of the Nation

22nd December 2021 09:49:00 Hours

නව පාබල අධ්‍යක්‍ෂ ජෙනරල් රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි පාබල අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 21 වන අධ්‍යක්‍ෂ ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ධම්මි හේවගේ පසුගිය අඟහරුවාදා (21) දින හමුදා සම්ප්‍රදායානූකූල පැවති උත්සවයකදී රාජකාරි භාරගත්තේය.

ආගමික වතාවත් මධ්‍යයේ නව පාබල අධ්‍යක්‍ෂ ජෙනරල් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය. නව ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම මේජර් ජෙනරල් ධම්මි හේවගේ 61 වන සේනාංකයේ සේනාංකාධිපති ධූරය හෙබවූවේය.

මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ලෙස පත්වීමෙන් අනතුරුව මේජර් ජෙනරල් ධම්මි හේවගේ මෙම ධූරය සඳහා පත්කරන ලදී.