Header

Sri Lanka Army

Defender of the Nation

19th December 2021 13:30:32 Hours

පුදුමාතලන් ප්‍රදේශයේ පාසල් සිසුන්ට පාසල් උපකරණ සහ දෙමාපියන්ට වියලි සලාක පාර්සල්

ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 682 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් මුලතිව්, පුදුමාතලන් ප්‍රදේශයේ පාසල් සිසුන්ට පාසල් උපකරණ සහ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් අතර වියලි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ ලබාදුන් උපදෙස් මත ඉකුත් බ්‍රහස්පතින්දා (16) දින පැවති මෙම වැඩසටහන සඳහා පූජ්‍ය කුරුණෑගල තෝරයාය නාගොල්ල කාශ්‍යප හිමිපාණන් විසින් අනුග්‍රාහකත්වය ලබාදුන්නේය.

ඒ අනුව, පුදුමාතලන් රෝමානු කතෝලික පාසලේ අධ්‍යාපනය හදාරන සිසුන් 44 දෙනෙකු වෙත මෙහිදි පාසල් උපකරණ බෙදාදුන් අතර දෙමාපියන්ට වියළි සලාක පාර්සල් ලබාදුන්හ. සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්වූ පාසල් උපකරණ සහ වියළි සලාක පාර්සල් බෙදාදීමේ උත්සවයට පරිත්‍යාගශිලි පූජ්‍ය කුරුණෑගල තෝරයාය නාගොල්ල කාශ්‍යප හිමිපාණන් සහ ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් සහභාගි වූහ.

තවද, මෙම අවස්ථාවට 681 වන බලසේනාවේ බලසේනාධිපති, 682 වන බලසේනාවේ බලසේනාධිපති, රාජ්‍ය නිලධාරින්, පාසලේ කාර්යමණ්ඩලය, විදුහල්පති සහ පාසල් සිසුන් සහභාගි වූහ.