Header

Sri Lanka Army

Defender of the Nation

19th December 2021 13:55:32 Hours

68 වන සේනාංකයේ 12 වන සංවත්සරය සමරයි

මුලතිව් පිහිටි 68 වන සේනාංකයේ 12 වන සංවත්සරය ආගමික වතාවත් වලට මුල්තැනක් දෙමින් ඉකුත් බ්‍රහස්පතින්දා (09) දින සමරන ලදී.

සංවත්සරයට සමගාමීව විශේෂ බෝධි පූජා පිංකමක් සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී පැවැති අතර වට්ටප්පලෙයි හින්දු කොවිල් පරිශ්‍රයේදී සේනාංකයට ආශිර්වාද එක් කරමින් හින්දු ආගමික වතාවත් සිදුකෙරිණි.

සංවත්සර දිනයේ (10) සේනාංක මුලස්ථානයට සපැමිණි එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ප්‍රධාන දොරටුව අභියසදී එම සේනාංකයේ භටපිරිස් විසින් පිරිනැමිණි.

එසේම, සංවත්සරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ සේනාංකාධිපතිතුමන් භටපිරිස් ඇමතීමෙන් අනතුරුව සියලුනිල තේපැන් සංග්‍රහයකට එක්විය. සංවත්සරය සනිටුහන් කරමින් සමුහ ඡායාරූපයක් ද ගනු ලැබීය.