Header

Sri Lanka Army

Defender of the Nation

19th December 2021 13:35:32 Hours

65 වන සේනාංකයේ 13 වන සංවත්සරය සමරයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ 13 වන සංවත්සරය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි ලබාදුන් උපදෙස් මත සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි.

සංවත්සරයට සමගාමීව එම සේනාංකයේ භටපිරිස් අතර සුහද ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වු අතර එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකවල භටපිරිස් විසින් ප්‍රදේශයේ සිවිල් වැසියන්ට දිවා ආහාර පාර්සල් 125 ක් බෙදාදුන්හ. තවද, සංවත්සරයට සමගාමීව අධිරදන් පෙරපාසලේ ළමුන් වෙත කෙටි ආහාර වේලක් ලබාදීමේ වැඩසටහනක් ද දියත් කරන ලදී.

65 වන සේනාංකය 2008 දෙසැම්බර් මස 15 දින මල්ලාවි ප්‍රදේශයේදී 5 වන කාර්ය සාධක බලකාය ලෙස ආරම්භ කළ අතර එය 2009 ජනවාරි මස 14 දින තුනුක්කායි ප්‍රදේශයේ ස්ථානගත කරන ලදී. එම කාර්ය සාධක බලකාය 2009 සැප්තැම්බර් මස 18 වන දින 65 වන සේනාංකය ලෙස නැවත ස්ථාපිත කරන ලදී. 65 වන සේනාංක මුලස්ථානය 2020 දෙසැම්බර් 04 දින සිට ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ සිය කාර්යභාරය ඉටුකරයි.