Header

Sri Lanka Army

Defender of the Nation

19th December 2021 14:00:32 Hours

කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා 1 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් රෝහල් ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කරයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර සහ 1 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් එක්ව බොරැල්ල ද සොයිසා මාතෘ රෝහලේ අතහැර දමා තිබු ගොඩනැගිල්ලක් රෝහල් බලධාරින්ගේ ඉල්ලිමකට අනුව පසුගියදා ප්‍රතිසංස්කරණය කරන ලදී.

මෙම ගොඩනැගිලි සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර සහ ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස්හී දායකත්වයෙන් ආරම්භ කළ අතර කඩිනමින් එහි ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කෙරිණි.

මෙලෙස ප්‍රතිසංස්කරණය කරන ලද ගොඩනැගිල්ල කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා වෙන් කරන ලදී. ප්‍රතිසංස්කරණය කරන ලද ගොඩනැගිල්ල රෝහල් වෛද්‍ය කාර්යමණ්ඩලය වෙත භාරදීම ඉකුත් බ්‍රහස්පතින්දා (16) දින සිදුවිය.