Header

Sri Lanka Army

Defender of the Nation

23rd December 2021 16:20:42 Hours

ශ්‍රී ලංකා ගුවන් හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය අති උත්කර්ෂවත් අන්දමින්

‘ශ්‍රී ලංකා ගුවන් හමුදා නත්තල් කැරොල් 2021’ පසුගිය සඳුදා (20) දින සන්ධ්‍යාවේ අත්තිඩිය ‘Eagle’s Lake’ හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ එම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ආර්යා අයෝමා රාජපක්‍ෂ මැතිණිය සහභාගී වූවාය.

තවද, එම අවස්ථාවට ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න මැතිණිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණිය, නාවික හමුදාධිපතිතුමන් හා එම මැතිණිය, ගුවන් හමුදාධිපතිතුමන් හා එම මැතිණිය ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් මෙන්ම ගුවන් හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද සහභාගී වූහ.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනි පතිරණ මැතිණිය විසින් එම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු සම්භාවනීය ආරාධිතයින් උණුසුම් අයුරින් පිළිගත්හ.

මෙම උත්සවය වර්ණවත් කරමින් ගුවන් හමුදා ගායක කණ්ඩායම සහ තූර්ය වාදක කණ්ඩායමේ මියුරු සංගීතාස්වාදයන් උත්සව අවස්ථාවට සහභාගී වූ සම්භාවනීය අමුත්තන් රසවින්දනයට පත්කරනු ලැබිණි.

මෙවර ‘ශ්‍රී ලංකා ගුවන් හමුදා නත්තල් කැරොල් - 2021’ සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක හා නෙළුම් ගුණතිලක මැතිණිය, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න මැතිණිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හා සුජීවා නෙල්සන් මැතිණිය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හා චන්දිමා උළුගේතැන්න මැතිණිය, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් හා ඔවුන්ගේ භාර්යාවන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් සහභාගී වූහ.

මෙවර ගුවන් හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය සීමිත පිරිසකගේ සහභාගිත්වයකින් පවන්වන ලද අතර රට තුළ පවතින කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් එහි සපැමිණි සියලුම ආරාධිතයින් සඳහා ඇන්ටිජන් පරික්‍ෂණ සිදුකරන ලදී.