Header

Sri Lanka Army

Defender of the Nation

18th December 2021 07:00:18 Hours

යුද්ධ හමුදා භටපිරිස් සියලු යුද්ධ හමුදා කඳවුරු ආවරණය වන පරිදි පොල් පැල 100,000 ක් නිෂ්පාදනය කිරීම ආරම්භ කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන හරිත වගා ව්‍යාපෘතියට දායකත්වය ලබාදීමේ අරමුණින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා පොල් වගා කිරීමේ මණ්ඩලයේ සහයෝගය ඇතිව දිවයින පුරා පිහිටි සියලුම යුද්ධ හමුදා කඳවුරු ආවරණය වන පරිදි පොල් පැල ලක්‍ෂයක් නිෂ්පාදනය කිරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

එම අවස්ථාවට සමගාමීව අවශ්‍ය පොල් පැල නිෂ්පාදනය කිරිමේ අරමුණින් ඉකුත් බ්‍රහස්පතින්දා (16) දින පැවති උත්සවයකදී යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන කන්දකාඩු ගොවිපළ තුළ පොල් පැල 10,000 ක තවානක් ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිනි ඒ.වී.කේ මාධවී හේරත් මහත්මිය සහ යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ කාර්යාලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඒ.කේ රාජපක්‍ෂ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් එක්වූහ.