Header

Sri Lanka Army

Defender of the Nation

18th December 2021 05:52:44 Hours

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් ‘නායකත්ව’ පුහුණු වැඩමුළුවක්

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ උපදෙස් පරිදි එම මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයන් සඳහා නායකත්ව කළමනාකරණය, නායකත්ව ලක්‍ෂණ සහ ප්‍රායෝගික පුහුණු අංගයන් පිළිබඳ එක්දින නායකත්ව පුහුණු වැඩමුළුවක් ඉකුත් අඟහරුවාදා (14) දින පානදුර හිරණ බාන්ස් හවුස්හිදි පවත්වන ලදී.

මෙම පුහුණු වැඩමුළුව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත ඒකක 21 ක් නියෝජනය කරමින් එක්ක අණදෙන නිලධාරීන්, නිලධාරි අණදෙන නිලධාරීන්, ඛණ්ඩ අණදෙන නිලධාරීන්, රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්, ඛණ්ඩ භාර සැරයන් මේජර්වරුන්, ඛණ්ඩ භාර සැරයන්වරුන්, පෙළ අණදෙන්නන් සහ කොමිෂන් නොලත් නිලධාරීන් සහභාගී වූහ.

මෙම වැඩමුළුව ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා සහ 2 වන විශේෂ බලකායේ දෙවන අණදෙන නිලධාරී මේජර් එස්.එන්.එම්.කේ.බී සෙනෙවිරත්න විසින් මෙහෙයවන ලදී. තවද එම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර ව්‍යාපෘති භාර නිලධාරි බ්‍රිගේඩියර් ටී.සී.එල් ගනේපොල, මාණ්ඩලික නිලධාරී ලුතිනන් කර්නල් කේ.පී.ඩී.සී විජේවර්ධන සහ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.