Header

Sri Lanka Army

Defender of the Nation

19th December 2021 12:37:43 Hours

11 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් කල්ප සංජීව රාජකාරි අරඹයි

කුණ්ඩසාලේ ස්ථාපිත 11 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් පී.එස් කල්ප සංජීව පසුගිය බ්‍රහස්පතින්දා (16) දින එම සේනාංක මූලස්ථානයේ දී හමුදා සම්ප්‍රදායානූකූලව පැවති උත්සවයකදී රාජකාරි කටයුතු භාරගත්තේය.

උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි 11 වන සේනාංකයේ නව සේනාංකාධිපතිතුමන් වෙත 10 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.

ඉන් අනතුරුව, මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් සංජීව නව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

පසුව, නව සේනාංකාධිපතිතුමන් එම සේනාංකයේ නිලධාරින් සහ සෙසු නිලයින් අමතමින් තම ඉදිරි දැක්ම ඔවුන් වෙත පැහැදිලි කළේය.

11 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි කළ මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ලෙස පත්වීම් ලැබිමෙන් අනතුරුව මේජර් ජෙනරල් කල්ප සංජීව සේනාංකාධිපති තනතුර සඳහා පත්වීම් ලැබීය.