Header

Sri Lanka Army

Defender of the Nation

14th December 2021 19:55:27 Hours

ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් ගම සමඟ පිළිසඳරක් වැඩසටහනේ තවත් අදියරක් දියත් කරයි

අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශයට සමගාමීව පසුගියදා සිදුකල ‘14 වැනි ගම සමඟ පිළිසඳරක්’ ව්‍යාපෘතියේ දී ලබාදුන් උපදෙස් මත ගාල්ල දිස්ත්‍රික්කයේ, ගලගොඩ ජනපද කනිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩාපිටිය වටා අඩි 624 ක් දිග පැති බැම්ම සහ අඩි 411 ක් දිග දම්වැල් වැටේ ඉදිකිරීම් කටයුතු 12 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් පසුගියදා ආරම්භ කරන ලදී.

රජය විසින් ලබාදුන් රුපියල් මිලියන 8.7 ක වියදමින් නිමකිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය යුද්ධ හමුදාවේ තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වයෙන් සිදුකිරීම තුලින් අඩු පිරිවැයකින් නිමකිරීමට අපේක්‍ෂා කෙරේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් නිහාල් අමරසේකර සහ ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන විජේසුන්දර ගේ අධීක්‍ෂණය යටතේ මාස දෙකක් ඇතුලත මෙම ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීමට නියමිතව ඇත.