Header

Sri Lanka Army

Defender of the Nation

13th December 2021 13:52:00 Hours

යුධ, නාවික, පොලිස් සහ සිවිල් ප්‍රජාව එක්ව වෙරළ තීරය පිරිසිදු කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බලසේනාවේ භටපිරිස් විසින් ‘CERI’ සංවිධානයේ ජාතික වැඩසටහන් අධ්‍යක්‍ෂගේ සහයෝගයෙන් ඉකුත් සෙනසුරාදා (11) දින කල්ලඩි සිට කාත්තන්කුඩි දක්වා කිලෝමීටර් 4ක වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදී.

231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩී බණ්ඩාරගේ සහ ‘CERI’ සංවිධානයේ ඊ. දර්ශන් විජයරත්නම් මහතාගේ සහය ඇතිව ආරම්භ කරන ලද මෙම ප්‍රජා වැඩසටහන සඳහා නිලධාරීන් 6 දෙනෙකු, යුද්ධ හමුදා සාමාජිකයින් 40 දෙනෙකු, නාවික හමුදා සාමාජිකයින් 30 දෙනෙකු, පොලිස් නිලධාරීන් 46 දෙනෙකු, ජාතික ශිෂ්‍යභට බලකායේ සාමාජිකයින් 17 දෙනෙකු සහ ‘CERI’ සංවිධානයේ පුද්ගලයින් 10 දෙනෙකු එක්ව සිටියහ.

පැය කිහිපයක් තුළ සිදුකළ මෙම වැඩසටහන ප්‍රදේශවාසීන්ගේ පැසසුමට ලක්වූහ.