Header

Sri Lanka Army

Defender of the Nation

11th December 2021 18:50:14 Hours

යුද්ධ හමුදා භටපිරිස් තෙලුල්ල ප්‍රදේශයේ ගංජා හේනක් වටලයි

12 වන සේනාංකයට අයත් 121 බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (2) දින ඇතිලිවැව, තෙලුල්ල ප්‍රදේශයේ සිදුකල පා මුර සංචාරයක් අතරතුර එම ප්‍රදේශයේ ගංජා පැළ 2500 කට අධික ප්‍රමාණයක් වගාකර තිබූ හේන් දෙකක් වටලනු ලැබීය.

මේ පිළිබඳව දැනුම්දීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් යුද්ධ හමුදා භටපිරිස් සොයාගත් අඟල් 8 ත් 12 ත් අතර උසැති පැළ 1500 ක් සහ අඩි 2 ක් උස පැළ 1000 ක් පමණ සිය භාරයට ගෙන ඇත.

මෙම මෙහෙයුම 121 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.යූ.එන් සේරසිංහ ගේ උපදෙස් මත 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් යූ.ඒ තිලකසිරිගේ අධික්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් සිදුකරන ලදී.