Header

Sri Lanka Army

Defender of the Nation

13th December 2021 16:10:28 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් පවුල් 100 කට වියලි සලාක පාර්සල්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 122 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියනෙතුගම සහ ජුල්පල්ලම ග්‍රාමසේවා වසමේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් අතර වියලි සලාක පාර්සල් 100 ක් බෙදාදුන්හ. පරිත්‍යාගශීලි සනත් කළුපහන මහතාගේ අනුග්‍රහකත්වය මත ඉකුත් සෙනසුරාදා (04) දින මෙම වැඩසටහන පැවැත්විණි.

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක ගේ සම්බන්ධීකරණයෙන් පරිත්‍යාගශීලි සනත් කළුපහන මහතා මෙම වැඩසටහනට සිය දායකත්වය ලබාදුන්හ.

මෙම වැඩසටහනට 122 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජනක පල්ලේකුඹුර, 3 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළකායේ අණදෙන නිලධාරී ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.