Header

Sri Lanka Army

Defender of the Nation

13th December 2021 15:40:28 Hours

59 වන සේනාංකයේ 14 වන සංවත්සර දිනයට සමගාමීව බාධක තරණය කිරීමේ තරඟයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මූලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකයේ 14 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 19 වන ගැමුණු හේවා බලකායේ සහ 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව පසුගිය සඳුදා (06) දින 2 වන විශේෂ බලකා මූලස්ථාන පරිශ්‍රයේදී බාධක තරණය කිරීමේ තරඟයක් සංවිධානය කරන ලදී.

එම තරඟයේ ශූරතාවය 19 වන ගැමුණූ හේවා බලකාය විසින් දිනාගත් අතර 2 වන ස්ථානය 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම විසින් හිමිකරගත්හ.

තරඟාවලිය සඳහා සහභාගී වූ 19 වන ගැමුණු හේවා බලකායේ සහ 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සඳහා 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.ඩී. සූරියබණ්ඩාර ගේ සුරතින් ත්‍යාග සහ කුසලාන ප්‍රදානය කළේය.

මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා 592 වන බලසේනාවේ බලසේනාධිපති, 59 වන සේනාංකයේ කර්නල් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරි, අණදෙන නිලධාරින් සහ තවත් නිලධාරින් කිහිපදෙනෙකු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සහභාගී වූහ.