Header

Sri Lanka Army

Defender of the Nation

13th December 2021 15:30:16 Hours

යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් නාවට්කුලි ප්‍රදේශයේ වියලි සලාක පාර්සල් සහ පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක්

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ජාතික උරුමයන් සුරැකීමේ සංවිධානයේ අනුග්‍රහය ඇතිව යාපනය නාවට්කුලි ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුල් 25 ක් අතර වියලි සලාක පාර්සල් සහ එම ප්‍රදේශයේ ස්ථාපිත ‘ලක්දරු’ පෙර පාසලේ ඉගෙනුම ලබන සිසු දරුදැරියන් 16 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජී.ජී.ඒ.එස් වික්‍රමසේන ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් විසින් සංවිධානය කරන ලදී. එහිදි රුපියල් 3500/= ක පමණ වටිනාකමකන් යුත් එක් වියළි සලාක පාර්සලය බැගින් එම ප්‍රදේශයේ පවුල් අතර බෙදාදෙන ලදී.

එම වැඩසටහන යටතේ පෙර පාසලේ දරු දැරියන් 16 දෙනෙකුට පොත්පත් සහ පාසල් උපකරණ ද එම අවස්ථාවේදීම ප්‍රදානය කරන ලදී.

පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැති මෙම වැඩසටහන සඳහා 523 වන බලසේනාවේ බලසේනාධිපති, 52 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි සහ කර්නල් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරි, 12 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ භටපිරිස් එක්ව සිටියහ.