Header

Sri Lanka Army

Defender of the Nation

24th November 2021 14:57:49 Hours

යුද්ධ හමුදා මුලස්ථානයේ නව විධායක ජෙනරල් අංශ ආයතන වල සංචාරයක

යුද්ධ හමුදා මුලස්ථානයේ විධායක ජෙනරල් මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල පසුගියදා විධායක ජෙනරල් ශාඛාව යටතේ පාලනය වන අංශ ආයතන කිහිපයක සංචාරය කළේය.

ප්‍රථමයෙන්, හේකිත්ත ප්‍රදේශයේ පිහිටි පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය යටතේ පාලනය වන රණවිරු සම්පත් කේන්ද්‍රයේ සංචාරයක නිරත වු විධායක ජෙනරල් මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල එහි කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳ සොයා බැලුවේය.

ඉන් අනතුරුව, රාගම රණවිරු සෙවණේ සංචාරයක නිරත වු එතුමන් එහි පරිපාලන කටයුතු පිළිබඳව සොයාබැලීය. එහිදී, රාගම රණවිරු සෙවණේ සේනාවිධායක විසින් එහි කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳ විධායක ජෙනරල් මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල දැනුවත් කෙරිණි.

මෙම සංචාරය අවසානයේ අත්තිඩිය මිහිදු සෙත් මැදුර වෙත සපැමිණි මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල මිහිදු සෙත් මැදුරේ සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එහි කාර්යභාරය සහ වගකීම් පිළිබඳ විධායක ජෙනරල් දැනුවත් කළේය. අනතුරුව මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් විමසමින් එහි පරිපාලන කටයුතු පිළිබඳ සොයාබැලීය.

මෙම සංචාරය සඳහා විධායක ජෙනරල් ශාඛාවේ සහ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින් කිහිපදෙනෙකු එක්ව සිටියහ.